javascript:void(0)

Thursday, May 31, 2012

නුඹ පැතුවේ නෑ මං...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


සඳ එළියට පෙම් කලාට
                  සඳ පැතුවේ නෑ මං..

මල් සුවඳට පෙම් කලාට
                  මල පැතුවේ නෑ මං...

නුඹෙ සුවඳට පෙම් කලාට
                     නුඹ පැතුවේ නෑ මං..

නුඹව අහිමි බව දැන දැන
         පෙම් කෙරුවේ නෑ මං..


 

 

:'(




                                                                                                                    --නිර්මානය මාගේ නොවේ--

Saturday, May 19, 2012

නුඹට උපමා නෑ...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                                                            සඳට උපමා ගෙතුණු තරමට...
        සඳට උපමා නෑ... 

මලට උපමා ගෙතුණු තරමට..
          මලට උපමා නෑ....
  
මසිත් අහසේ අඳුර දුරු කළ...
          නුඹට උපමා නෑ...

 නුඹේ නාමෙට මහද ඉපදුණු ...
          පෙමට උපමා නෑ...




----නිර්මානය මාගේ නොවේ----

Tuesday, May 1, 2012

සඳ එළිය සොයා ලුහු බැඳ...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ >>---> මෙතැනින්

හඬන්නට කලින් හැඬ වූ...
                        රිදෙන්නට කලින් රිද වූ....

නුඹේ නපුරුකම් මා ඉවසාන....
                                නුඹට පෙම් කලේ මාවත් රිදවාන..

පිබිදෙන්න මගේ මන දොළ...
                    නොවුනේ කිමැයි පුරහඳ...

සඳ එළිය සොයා ලුහු බැඳ...
                    ලැබුවේ අඳුර පමණද......


----නිර්මානය මාගේ නොවේ----

Wednesday, April 25, 2012

මගෙ ඊළඟ පෝස්ට් තුන...????


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

         මීළඟට මම ලියන්න යන්නෙ මම තාප්ප පෝස්ටර් අධ්‍යයනය කරපු කාලෙ හදුනගත්තු සුවිශේෂී ස්ථානයක කුරුටු ගාල තිබුන නිර්මාන තුනක් ගැන.... ඒ තුනම මගේ නිර්මාන වලට වඩා ගොඩක් ලස්සනයි...

             ඒත් විශේෂයෙන්ම කියන ඕනෙ ඒව කවුරු ලියපුවද.. කවද ලියපුවද කියල නම් මම හරියටම දන්නෙ නෑ... කොටින්ම ඒවයෙ මුල් අයිතිකාරයො කවුද කියන්න මම දන්නෙ නෑ... කොටින්ම ඒව මගෙ නිර්මාන නෙමෙයි..

හැබැයි ඊට කලින් මම දැනගන්න ආසයි ඒ නිර්මාන පළ කරනවට කට්ටිය කොයි තරම් කැමති ද කියල......

බලමු... සාධාරණ පිරිසක් ඒ ටික පළ කරනවට කැමති උනොත්.... මගෙ ඊළඟ පෝස්ට් තුන ඒ තුන වේවි....

බලමු.... කට්ටියගෙ කමෙන්ට් වලින්....


ඒ පෝස්ට් තුන පළ කරනවට කැමති අය මෙතන යටින් කමෙන්ට් කරන්න බලන්න.....